පළාත් සභා ඡන්දය ගැන ඉගියක්

March 17, 2021

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගෙ එකඟතාවය පළවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මාධ්‍යවේදියකු විසින් ‘පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරනු ලබන්නේ ඉන්දියානු රජයේ බලපෑම මත ද’ යනුවෙන් කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කලේය.

පසුගිය කාලයේ දී සිදු කළ වැඩවල අඩු-පාඩු නිවැරදි කර ජනතාවගේ අයිතිය රැක ගැනීමට මෙරට මූලික නීතිය රැකීමක් මිස වෙනත් රටවල්වල බලපෑමක් මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කිසිඳු විශේෂ උත්සහයක් රජයට නැති බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

t

o

p