යළි සංචරණ සීමා පනවන්න යයි

March 17, 2021

ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පැවසීය.

හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

“දෙසැම්බර් නත්තල් සහ ඉන් පසුව තිබිච්ච දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ ජනවාරි පෙබරවාරි මාසවල. 2020ට පෙර, අපි පුරුදු වෙලා තියෙන විදිහට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා.” යැයි ඔහු පෙන්වා දුන්නේය.

නිරෝධායනය සඳහා පනවා ඇති මාර්ගෝපදේශයන්ගේද වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

“බොහෝ දුරට නිරෝධායන ක්‍රමය සම්බන්ධයෙන් දින ගණන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කාලසීමාව වෙනසක් වෙන්න තිබෙනවා. එන්නත් 2කම ලබාගෙන දින 14කින් පස්සේ මෙරටට පැමිණෙන අයට නිරෝධායනයකින් තොරව PCR එකකින් පසුව යන ක්‍රමවේදයක් පිළිබඳව උපදෙස් ලබාදීමට නියමිතව තිබෙනවා.” හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

t

o

p