යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් එන්නත් භාවිතය අත්හරී

March 13, 2021

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ඩෙන්මාර්කය, නෝර්වේ සහ අයිස්ලන්තය යන රාජ්‍යයන් පියවර ගෙන තිබේ.

එන්නත ලබාගත් පුද්ගලයින්ගේ රුධිරය කැටිගැසීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තාවීම සලකා ඔවුන් එම ආරක්ෂිත පියවර ගෙන තිබුණි.

එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කයේ එක් අයෙකු මියගොස් ඇතැයි ද විදෙස් වාර්තා පවසයි.

පුද්ගල මරණය හා සිදුවූ සංකූලතාවන්ට හේතු නිශ්චිතව සොයාගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති ඩෙන්මාර්කය පවසන්නේ, එහි අවසන් වාර්තාවන අනුව ඉදිරි එන්නත්කරණ කටයුතු සැලසුම් කරන බවය.

t

o

p