ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සදහා කොවිඩ් එන්නත (ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්) ලබාදීම අද (13) සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 109කදී ඔක්ස්වර්ඩ් ඇස්ට්රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නත ලබාදීමට නියමිතව තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 119080 දෙනෙකු සිටින අතර, ඉන් 46,093 දෙනෙකුට පසුගිය දිනවල කොවිඩ් එන්නත ලබාදී තිබේ.
ඒ අනුව තවත් පුද්ගලයින් 72,987 දෙනෙකුට මෙම එන්නත ලබා දීමට නියමිතය.