ඉතාලිය වැසෙන ලකුණු

March 14, 2021

කොවිඩ් තුන්වන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා යළිත් පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කිරීමකට සූදානම් වන බව වාර්තා විය.

රට තුළ නව කොවිඩ් ආසාදිත රැල්ලක් වාර්තා වෙමින් ඇති බවට ඉතාලි අගමැතිවරයා අනතුරු අඟවනු ලැබීය.

එම අනතුරු ඇඟවීමෙන් පසු ඉතාලියේ බොහෝ ප්‍රදේශවල පාසල්, ආපනශාලා, සාප්පු සහ කෞතුකාගාර ලබන සතියේ සිට වසා දැමීමට නියෝග කර ඇතැයි සඳහන් වේ.

නව ආසාදන වැඩිවීමත් සමඟ රටේ ප්‍රදේශ රැසක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව දැඩි සීමාවන් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් ඉතාලියේ බොහෝ ප්‍රදේශ සඳුදා සිට නැවත ලොක්ඩවුන් ක්‍රමවේදයට අවතීර්ණ වනු ඇත.

t

o

p