ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

March 14, 2021

ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොවිඩ් මර්දනයට මේ වනවිට භාවිතයට ගන්නා එන්නත් අතුරින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශිෂ්ටතම එන්නතක් ලෙස හඳුන්වා දිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙනි.

කෙසේවෙතත් මේ වනවිට යුරෝපය පුරා ලක්ෂ 50කට අධික පිරිසක් එම එන්නත ලබාගෙන ඇති අතර ඉන් රුධිර කැටි සිදුවීම් වාර්තා වී ඇත්තේ 30ක් පමණක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

t

o

p