වැලි බලපත්‍ර ගන්න දේශපාලන හිතවතුන් පොරයක

March 14, 2021

දේශපාලනඥයන්ගේ හිතවත්තු 765 දෙනකුට වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

කිසිම දේශපාලනඥයකුගේ ඉල්ලීමකට වැලි කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙසට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.

නමුත් විවිධ අයථා මාර්ග ඔස්සේ මෙම බලපත්‍ර ලබා ගැනීමට ඇතැම් අය උත්සාහ දරමින් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ ආරංචි මාර්ග පැවසී ය.

t

o

p