පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ

March 14, 2021

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ, ප්‍රහාරයට සම්බන්ධ සමහර දේශපාලනඥයින්ගේ නම් ඇතුළත්ව නැතැයි පසුගිය දිනක මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කර සිටියා.

“කොමිෂන් සභා වාර්තාව පාස්කු ඉරිදා. මේකේ හැමතැනම තියෙන්නේ පසුගිය රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිදු තැකීමක් කළේ නෑ ඒකයි මේ පහරදීමට හේතුව.

ඇත්ත අපේ රජය යටතේ බෙදුම්වාදී අන්තවාදයට හෝ ඉස්ලාම් ආගම්වාදී අන්තවාදයටවත් අපි ඉඩදෙන්නේ නෑ. සමහර අය රජයක් හැටියට ඒවා අතපසු කරලා දැන් උත්සහ කරනවා හිටපු ජනාධිපතිවරයාට විතරක් මේක පටවන්න.

ආණ්ඩුවක් හැටියට පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා රජය කොහොම ද මේක රාජ්‍ය ආරක්ෂාවට නිසි තැන දුන්නේ නැත්තේ, කියන කාරණය. ඒ අය ඔක්කෝම වගකියන්න ඕනේ.

කාදිනල්තුමා මේ ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. සමහර දේශපාලනඥයින් මේකට සම්බන්ධ අයගේ නම් මේකට ඇවිල්ලා නෑ කියලා. අපි ඒ අය ගැනත් සොයා බලනවා. හැබැයි ඔය කියන දේශපාලනඥයින් අපිත් එක්ක නෑ. මාව බලයට ගේන්නවත්, අපේ රජය බලයට එන්නවත් ඔය කියන දේශාපලනඥයෝ අපිට උදව් වුණේ නෑ.

ඒ අය ඉන්නේ විරුද්ධ පක්ෂයත් එක්ක. අපිට අවශ්‍ය නෑ කිසිම කෙනෙක් සම්බන්ධ නම් ඒ අය ආරක්ෂා කරන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නෑ. අපිට ඩීල් දාන්න අවශ්‍යතාවයක් නෑ. මේකේ පැහැදිලිවම කියලා තියෙනවා “X ලෙස සලකුණු කරලා ඇති ලියකියවිලි රජයේ බුද්ධි අංශ හරහා ලබාගත් තොරතුරු වර්ගීකරණය කොට දක්වා ඇති බව ඔබ තුමාගේ අවධාරණය යොමුකරමු.

තවත් බුද්ධි අංශ හා බුද්ධි තොරතුරු ඇතුළු ජාතික ආරක්ෂාවට අදාළ සාක්ෂි, සාක්ෂිකරුවන් විසින් ලබාදෙන විට රහසිගතව ලබා ගන්නා ලදී.

වාර්තාව ප්‍රසිද්ධ කිරීමට තීරණය කිරීමට පෙර එම කරුණු පිළිබඳ සලකා බැලිය යුතු යැයි අපි ඉතා ගෞරවයෙන් නිර්දේශ කරමු.“ඒක ජාතික ආරක්ෂාව ඒකට නඩු දාන්න අවශ්‍ය දේවල් නෙමෙයි.

නමුත් මම පැහැදිලිව කිව්වා මේවා ප්‍රසිද්ධ කරන්න එපා. මේවා නඩු දාන්න අවශ්‍ය නම් පාවිච්චි කරන්න කියලා නීතිපතිවරයාට භාරදුන්නා. ඒ ගැනත් මම දැක්කා බොරු ප්‍රචාර කරලා තිබුණා.“

t

o

p