එවර් ගිවන් නෞකාව හේතුවෙන් ගෝලීය අර්බුදයක්

March 27, 2021

සූවස් ඇළ අවහිර කරමින් අනතුරට ලක්ව ඇති ‘එවර් ගිවන්’ නෞකාව මුදා ගැනීමට සති ගනණාවක් ගතවනු ඇතැයි මුදාගැනීමේ කණ්ඩායම්  පවසති. 

නැව එම ස්ථානයෙන් ගලවා ගන්නා තෙක් රැඳී සිටින නැව් ගණන 206 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

භාණ්ඩ ප්‍රවාහන නෞකා, ගෑස් සහ ඉන්ධන නෞකා රැසක්ද සිරවී තිබීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විටත් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල 6% කින් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

t

o

p