බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ශ්වසන යන්ත්‍රවලින් ඉවත් කරයි

March 24, 2021

කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ඉන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

රෝහල් කිහිපයක 100% ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්ය.

වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසිලයේ රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක් පවසන්නේ ඇතැම් කොවිඩ් රෝගීන් එලෙස කෘතිම ශ්වශන යන්ත්‍රවලින් ඉවත් කිරීමට සිදුව ඇති බවය.

ගතවූ පැය 24 තුළ එරටින් නව මරණ 1,570 ක් වාර්තා වෙද්දී නව ආසාදිතයන් ගණන දැක්වුණේ 53,386 ක් ලෙසිනි.

බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,051,619ක් වන අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 295,685කි.

t

o

p