Special News

වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර දිව්රුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී විනිසුරුවරිය දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කොළඹ මාර්ග තදබදයට විසදුම් සෙවිම

මෑත කාලයේ කොළඹනගරය තුළ විශාල වාහන තදබදයක් ඇති වුන බව පෙනේ. එයට හේතුව වී ඇත්තේ මාර්ගයේ ධාවනයට එක්වන වාහන ප්‍රසාරණයට අනුව මාර්ග පුළුල් නොවිම හා පොදු ප්‍රවාහන පද්ධතිවල ඇති දුර්වලතාවයයි.

අමෙරිකානු ජනපති සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න් බහුතරය වන ඡන්ද 290ක් ලබා ජයග්‍රහණය කර තිබේ. මෙම ජයග්‍රහණයත් සමග අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ට්‍රම්ප්ට අවස්ථාව ලැබී ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනපතිනිය වූ පළමු කාන්තාව බවට පත්වීමට තිබූ අවස්ථාවද හිලරිට අහිමිවිණ.

සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන සංවර්ධනාත්මක අයවැයක් හෙට ඉදිරිපත් කරනවා

සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත, සංවර්ධනාත්මක අයවැයක්, හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. 

මාතර බාහිර උපාධිධාරිහු දැවැන්ත විරෝධතාවක

බාහිර උපාධි සිසු කප්පාදුවට එරෙහිව බාහිර උපාධි සුරැකිමේ සංවිධානය විසින් දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඊට සමගාමීව ඊයේ  (08) දින මාතර නගරයේදී උද්ඝෝෂණයක් හා පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ඇරඹිණි. මේ සඳහා අතිවිශාල පිරිසක් සහභාගි විය.

රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේහිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (08) විශිෂ්ට පන්දු යැවීමට නිතර වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් කඩුලු 05ක් බිඳලීමට සමත්වූ අතර, පන්දුවාර 26කදී ඔහු වැයකළේ ලකුණු 89ක් පමණි. හේරත් දවාගත් මෙම කඩුලු පහත් සමගින් ඔහු ලොව ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව කඩුලු 05 බැගින් බිඳහෙලා Read More

2017 අය වැය හෙට

2017 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ සැළසුම් කෙරුණු අය වැයක්  ඉදිරිපත් කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ කබීර් හසීම් අමාත්‍යවරයා කියයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ හිලරි අභිභවා ට්‍රම්ප් ඉදිරියෙන්

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 109 ට 167ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි. ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි. මේ වනවිට ප්‍රාන්ත 50කින් ප්‍රාන්ත 28ක ඡන්ද නියෝජිත ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත්ව තිබේ.

ඖෂධ මිල අඩු නොකරන අලෙවිසැල් සොයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැටලිම්

අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ගයන් හි මිල පාලනය ක්‍රියාත්මක නොකරන ඔෟෂධ අලෙවිසැල් සොයා වැටලීම් ආරම්භ කරනා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

t

o

p