ජාතික රජයේ මැති ඇමතිවරුන්ට අය වැය ගැන වැඩමුළුවක්

November 7, 2016

යහපාලනය සඳහා වූ ජාතික රජයේ සියලූම මැති ඇමතිවරුන් සඳහා වන දෙදින වැඩමුළුව මෙම මස 13 හා 14 යන දෙදින තුළ හම්බන්තොට ෂැංග්‍රිලා හිදි පැවැත්වේ.

ජාතික රජය නියෝජනය කරන එක්සත් ජාතිකෂ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කදුරට ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ ඇතුළ රජය නියෝජනය කරන සියලුම පක්ෂවල මැතිඇමතිවරු මෙම වැඩමුළුවට සහභාගී වෙති.

අග්‍රාමාත්‍ය කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන අතර මුදල් ඇමති රවි කරුණානායක මහතා ඇතුළු මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ යහපාලනය සඳහා වූ ජාතික රජයේ 2017 අය වැය ලේඛනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දැනුවත් කිරිමට නියමිතය.

අය වැය ලේඛනය පිළිබඳ විශේෂ දේශනවලට අමතරව මැති ඇමතිවරුන්ට තම ගැටලූ සඳහා ප්‍රශ්න විමසිමට ද මෙම වැඩමුළුවේදි අවස්ථාව හිමිවේ.

t

o

p