ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හා මුදල් අමාත්‍යවරයා අතර හමුවක්..

November 7, 2016


ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා (04) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේ ම දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහෙදී කරුණු සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය තව දුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව මහකොමසාරිස්වරයා එහි දී සඳහන් කළේ ය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී කියා සිටියේ ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන සංවර්ධන ගමනකට අවතීර්ණ වී ඇති බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සහය නිරන්තරයෙන් හිමි වන බවත්, ඔස්ට්‍රෙලියාව වැනි  දියුණු රාජ්‍යයක් දක්වන සහය අතිශය අගය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

 

Ravi Aus 2

t

o

p