Special News

හම්බන්තෙට ආයෝජන කලාපය චිනයට විතරක් නෙව සියළුම ආයෝජකයන්ට විවෘත්තයි

හම්බන්තොට නව ආයෝජන කලාපය චීන කොලනියක් නොවන බවත්, එහි ආයෝජනය කිරීම සඳහා ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු සියලු රටවලට ආරාධනා කරන බවත් ඒ සඳහා සමහර රටවල් එකඟතාව පළකර ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීසිටින අතරතුර ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාව සමඟ විශේෂ සකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් Read More

FCID එකට බලපෑම් කළ මන්ත්‍රී ගැන ප්‍රබල පැමිණිල්ලක්

මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) පරික්ෂණ සඳහා බලපෑම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රබල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බරපතල වංචා ගැන මුලය් අපරාධ කොට්ඨාශයට බලපෑම් කළ මන්ත්‍රීවරවා නීතිය සාමයට අදාළ පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභාවේ ප්‍රබල තනතුරක් දරන්නෙකු බවද Read More

අගමැති රනිල්ගේ ජන්ම දිනය සමර කතරගම ආගමික වතාවත් රැසක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙට (24) ට යෙදෙන ඡන්ම දිනය නිමිත්තෙන් ‍ඓතිහාසික කතරගම කිරි වෙහෙර අබියසදී ආගමික වතාවත් රැසක් පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ මෙහෙය වීමෙන් සංවිධානය කෙරෙන මේ ආගමික වතාවත් යටතේ කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස කප්රුක් පුජාවක් හා මහසෙන් දේව පුජාවක් ද එදින සවස 5.00 ට පැවැත් වෙයි. කතරගම මහ දේවාලයේ Read More

කින්නියා ඩෙංගු පාලනයට රජය සියළුම පියවර ගෙන තියෙනවා

ත්‍රිකුණාමලය හා කින්නියා ප්‍රදේශවල පැතිර යන ඩෙංගු උණ රෝගි තත්ත්වය පාලනය කිරිමට රජය මඟින් අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කර ඇතිබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) පැවසීය. කොළඹ පො‍ළොන්නරුව, ඇතුළු රටේ බොහෝ ප්‍රදේශ වලින් ත්‍රිකුණාමලය ප්‍රදේශයට රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය නිලධාරින් යොමුකර අවශ්‍ය සියළු කටයුතු සිදුකරන බවත් අගමැතිවරයා පැවසීය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උද්ගත තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමා‍ර්ග Read More

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ප්‍රහාරයක්

ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අසල දී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ ලන්ඩන් පාර්ලිමේන්තු සැසිවාරය නවතා දැමු අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසා දැමීමට පෙලීසිය කටයුත කර තිබේ.

මුදල් ඇමති රවී රේගුවේ හදීසි නිරීක්ෂණ චාරිකාවක

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා ­රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව  මෙසේ අමාත්‍යවරයා මුලින් ම ගමන් ගත්තේ රේගුවේ ඔරුගොඩවත්ත බහාලුම් අංගන දෙක වෙත ය. අනතුරුව රේගු මූලස්ථානය ද ඔහු නිරීක්ෂණය කළේ ය. රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමීව සිදු වන බවට භාණ්ඩ Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඒකාබද්ධ විපක්ෂය නොමැතිව පලමු වරට රැස් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙන්ගේ සහභාගිත්වෙයන් තොරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක දී අද (22) රැස් වී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් නොමැතිව රැස්වූයේ පළමු වරට බව එහි සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය. Read More

නොරෙච්චෝලේට ගත් ණය මුදලින් වසර 2ක වාරික ගෙව්වා : තව වසර 13ක් ගෙවන්න තියෙනවා

නොරොච්චෝලේ ගල් අගුරු තාප බලාගාරයේ ඉදිකිරිම් වෙනුවෙන් ලබා ගත් ණය වෙනුවෙන් 2015 වර්ෂයේදි ඇමරිකානු ඩොලර් මිලියන 112 ක්ද 2016 වර්ෂයේදි ඩොලර් මිලියන 118 ක මුදලක්ද ගෙවා ඇතැයි විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය. චින එක්සිම් බැංකුවට තව වසර 13 ක කාලයක් මේ ණය ගෙවිමට තිබෙන බවද Read More

අල්ලස් කෙමිසමේ දිල්රුක්ෂි ගෙදර ගියේ දේශපාලන හේතුවක් නිසා

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එම ධූරයෙන් යෑමට හේතු වූයේ ඇගේ රාජකාරියේ දුර්වලතාවයක් නොව දේශපාලන කාරණයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉවත් කරන අවස්ථාව වන විට ඇය විසින් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට හා රාජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව Read More

වැඩිම පෙත්සම් ගැහීමේ කප් එක බුද්ධිකට

පාර්ලිමේන්තු ඉතිහාසයේ මහජන පෙත්සම් කාරක සභාවට වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් එකම දිනකදී ඉදිරිපත් කළ මන්ත්‍රීනවරයා බවට එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධිත පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි අද (22) පත්විය. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අද මහජන පෙත්සම් 33 ක් ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තමන් මෙයත් සමඟ ගිනස් වාර්තා පොතට එක් වේවිද යන්නයි. එහිදි කතානායක කරු Read More

t

o

p