FCID එකට බලපෑම් කළ මන්ත්‍රී ගැන ප්‍රබල පැමිණිල්ලක්

March 23, 2017

මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) පරික්ෂණ සඳහා බලපෑම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රබල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බරපතල වංචා ගැන මුලය් අපරාධ කොට්ඨාශයට බලපෑම් කළ මන්ත්‍රීවරවා නීතිය සාමයට අදාළ පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභාවේ ප්‍රබල තනතුරක් දරන්නෙකු බවද ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට කළ පැමිණිල්‍ලේ සඳහන්වේ.
අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රුසියානු නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි වහාම කරුණු දැක්විමටද ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් අදහස් කර සිටියි.

 

t

o

p