Special News

පාර්ලිමේන්තුව රැස් කළහොත් එ.ජා.ප ය සමඟ සිටින මන්ත්‍රී පිරිස දැනගත හැකි වේවි

පාර්ලිමේන්තුව රැස් කළහොත් එක්සත් ජාතික පක්ෂය සමඟ සැබවින්ම සිටින මන්ත්‍රී පිරිස කවුදැයි සැමට දැකගන්නට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහාලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් 70ක් සිටින බවට ඔවුන් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් වරයා මේ බව කීය. කලින් Read More

ආසියාවේ වැඩිම ආසාදිතයින් ඇති රට බවට සිංගප්පූරුව පත්වෙයි

ආසියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටක් බවට සිංගප්පූරුව පත්ව ඇත. එරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 14,423 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 931 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බස්නාහිර පළාතේ සිර වී සිටින්නන්ට වියළි සලාකයක්

බස්නාහිර පළාත තුළ සිරවී සිටින පිරිස් සඳහා වියළි සලාකයක් ලබාදීමට තීරණය කර තිබේ. ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයට දැනුම් දුන් බවයි. ගම්බිම්හි සිට විවිධ රැකියා සඳහා පැමිණි 52,000කට ආසන්න පිරිසක් බස්නාහිර පළාත තුළ සිරවී සිටින බව ආර්ථීක පුනර්ජීවන Read More

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන තුනක්

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද  මිලියන 3 ඉක්මවා ගියේය. පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වූ මෙම වෛරසය මාස පහක් තුළ ඇන්ටාක්ටිකාව හැර ලොව සියලු මහද්වීප වෙත පැතිර ගොස් අවසන්ය.  මියගිය ගණන දෙලක්ෂ හත්දහස් හත්සියකට අධිකයි. අද වන විට අමෙරිකාවෙන් ආසාදිතයන් 987,322,ක් , ස්පාඤ්ඤයෙන් 226,629,ක් , ඉතාලියෙන් 197,675,ක් , ප්‍රංශයෙන් Read More

මෙරට කොරෝනා ව්‍යාප්තියට හේතුව කලයුතු සියල්ල ප්‍රමාද වී කිරීමයි

කොරෝනා වසංගතය ඔඩු දුවන්නට මුලික හේතුව වුයේ කලයුතු සියල්ල ප්‍රමාද වී පටන් ගැනීමයැයි එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය. අර්බුදය හමුවේ දේශපාලනය නොකර රට ශක්තිමත් කිරීම සඳහා සියලු යුතුකම් ඉටු කරන බවද තලතා අතුකෝරල මහත්මිය පැවැසීය. කොළඹ ශ්‍රීමත් මාර්කස් ප්‍රන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (25) පැවති මෙම Read More

දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5ට ඉවත් කෙරිණි. අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.    ඊයේ(27) දිනය තුළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

රන්ජන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රථිපලය

පසුගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා. නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර තිබෙනවා.

අද රට පුරා ඇඳිරි නීතිය

අද (27) සඳුදා රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන ලෙස ඇඳිරි නීතිය පනවන බවයි. කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 අඟහරුවාදා අලුයම 5.00ට Read More

ඉතාලිය සීමා ලිහිල් කිරීමට යයි

කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ ඉතාලිය, වෛරස් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි. ලබන මැයි මස 04වනදා සිට අදාළ සීමා ලිහිල් කරනු ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ. සති 07ක් පමණ කාලයක් රට තුළ පැවැති ලොක්ඩවුන් නීති මෙලෙස ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ ඉකුත් පැය 24තුළ එරටින් කොරෝනා නව මරණ 260ක් Read More

සීදූව එස්.එෆ් කඳවුරම නිරෝධායනයට

සීදුව ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා විශේෂ බළකා කදවුරේ සියලූම හමුදා සාමාජිකයන් නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ. කදවුරේ සිටි යුද හමුදා කපිතාන්වරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙසේ කදවුරේ සිටින සියලූම සෙබළුන් නිරෝධායනයට පියවර ගෙන ඇත. කපිතාන්වරයා සමග හමුදා සාමාජිකයන් 150දෙනකු පමණ මෙසේ නිරෝධායනයට ලක්කර සිටින බව සෞඛ්‍ය බලධාරීහු Read More

t

o

p