ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද මිලියන 3 ඉක්මවා ගියේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වූ මෙම වෛරසය මාස පහක් තුළ ඇන්ටාක්ටිකාව හැර ලොව සියලු මහද්වීප වෙත පැතිර ගොස් අවසන්ය.
මියගිය ගණන දෙලක්ෂ හත්දහස් හත්සියකට අධිකයි.
අද වන විට අමෙරිකාවෙන් ආසාදිතයන් 987,322,ක් , ස්පාඤ්ඤයෙන් 226,629,ක් , ඉතාලියෙන් 197,675,ක් , ප්‍රංශයෙන් 162,100ක් , ජර්මනියෙන් 157,770,ක් සහ එක්සත් රාජධානියෙන් 152,840, ක් හඳුනාගෙන තිබේ.