බස්නාහිර පළාත තුළ සිරවී සිටින පිරිස් සඳහා වියළි සලාකයක් ලබාදීමට තීරණය කර තිබේ.
ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයට දැනුම් දුන් බවයි.
ගම්බිම්හි සිට විවිධ රැකියා සඳහා පැමිණි 52,000කට ආසන්න පිරිසක් බස්නාහිර පළාත තුළ සිරවී සිටින බව ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේ ය.