පාර්ලිමේන්තුව රැස් කළහොත් එ.ජා.ප ය සමඟ සිටින මන්ත්‍රී පිරිස දැනගත හැකි වේවි

April 28, 2020

පාර්ලිමේන්තුව රැස් කළහොත් එක්සත් ජාතික පක්ෂය සමඟ සැබවින්ම සිටින මන්ත්‍රී පිරිස කවුදැයි සැමට දැකගන්නට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහාලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් 70ක් සිටින බවට ඔවුන් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් වරයා මේ බව කීය.

කලින් පැවති ගණන් හිලව් මේ වන විට බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතින බව කවුරු කවුරුත් සිත්හි තබා ගැනීම හොඳ බවද මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

මේ වෙලාවේ මම ගණන් හිලව් ගැන කතා කරන්න යන්නේ නැහැ. පාර්ලිමේන්තුව රැස් කලොත් සත්‍ය තත්වය කාටත් දැක බලාගන්නට ලැබෙනු ඇතැයි ද එජාප මහලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

අංජුල මහික වීරරත්න

t

o

p