සීදූව එස්.එෆ් කඳවුරම නිරෝධායනයට

April 27, 2020

සීදුව ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා විශේෂ බළකා කදවුරේ සියලූම හමුදා සාමාජිකයන් නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.

කදවුරේ සිටි යුද හමුදා කපිතාන්වරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙසේ කදවුරේ සිටින සියලූම සෙබළුන් නිරෝධායනයට පියවර ගෙන ඇත.

කපිතාන්වරයා සමග හමුදා සාමාජිකයන් 150දෙනකු පමණ මෙසේ නිරෝධායනයට ලක්කර සිටින බව සෞඛ්‍ය බලධාරීහු සදහන් කරති.

t

o

p