රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය ඇතුලු කොළඹ නගරයේ පාසල් 5 ක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ගැනීමට රජය තීරණය කර ඇත.
තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙද දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය , ඩී.එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ හින්දු විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස හෙට (28) සිට කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන පාසල් 5 ක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතාබහක් ඇතිව තිබේ.
අංජුල මහික වීරරත්න