ඉතාලිය සීමා ලිහිල් කිරීමට යයි

April 27, 2020

කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ ඉතාලිය, වෛරස් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි.

ලබන මැයි මස 04වනදා සිට අදාළ සීමා ලිහිල් කරනු ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.

සති 07ක් පමණ කාලයක් රට තුළ පැවැති ලොක්ඩවුන් නීති මෙලෙස ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ ඉකුත් පැය 24තුළ එරටින් කොරෝනා නව මරණ 260ක් පමණක් වාර්කා වීම හේතුවෙනි. 

ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ සදහන් කර ඇත්තේ ඉතාලි වැසියන්ට කුඩා කණ්ඩායම් වශයෙන් සිය ඥාතීන්ගේ නිවෙස් වෙත යාමට අවසර හිමිවන බවය.

t

o

p