Gallery

නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි

නාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.විදුලි පහන් ආලෝකය දල්වා මෙම අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමටද එක් Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක සභා කථානායකවරයා හමු වෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා පසුගියදා හමුවිය. දෙරට අතර සංස්කෘතිකමය වශයෙන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පවතින සමීප සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක් මුල්ලේ පවතින සමීප සබඳතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගත Read More

“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට පිළිගන්වයි

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. “සෑම කෙනෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක් මැයෙන් වූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම Read More

COP28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය (Sri Lanka Youth Statement to COP28) ශ්‍රී ලංකා තරුණ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පිළිගන්වනු ලැබීය. දේශගුණික විපර්යාස තුළින් සිදුවන බලපෑම මෙන්ම ඒ Read More

ජනපති සහ ග්‍රීසියේ අගමැති අතර හමුවක්

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis) මහතා අතර හමුවක් ඊයේ (01) සිදු විය. දෙරට අතර සමීප සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත Read More

ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුවී තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුලුවට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරවාරයේදීයි නායකයන් දෙපළ අතර මෙම හමුව සිදුවී ඇත්තේ.

රාජකීයේ සිසුන් ජනපති හමු වී සුහද පිළිසඳරක

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇති බවයි. අද දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව Read More

ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. Read More

ලෝක ප්‍රකට සූපවේදී , ගැරී මිහිගන් ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා ඊයේ (27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන ” මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා ” ( Master Chef Australia ) තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා Read More

චීන ජනපතිගේ විශේෂ නියෝජිත පිරිස අගමැති හමුවෙයි

දිවයිනට පැමිණ සිටි චීන ජනාධිපති විශේෂ නියෝජිත ෂෙන් යිකින් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත් ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ය. ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන Read More

t

o

p