ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ කථානායකවරයා හමුවෙති

February 15, 2024

ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ පිරිසක් පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්ති සංශෝධනය කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පණත් කෙටුම්පත කථානායකවරයාගේ අවධානයට යොමු කිරීම මේම හමුවීමේ අරමුණ විය.

එමෙන්ම LGBTIQ+ ප්‍රජා නියෝජිතයින් සහ කථානායකවරයා අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

NextGenSL, සර්වපාක්ෂික තරුණ සංවිධානය විසින් උක්ත හමුව සංවිධානය කිරීමට සහයෝගය ලබා දුන් අතර පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හන්ස අබේරත්න මහතාද එම අවස්ථාවට සහභාගී විය.

t

o

p