Yamaha සහ AMW අලෙවි නියෝජිත හමුවක්

February 15, 2024

Yamaha මෝටර්සයිකල්, සේවා සහ අමතර කොටස් සඳහා බලයලත් බෙදාහැරීමේ නියෝජිතායතනය වන ඇසෝසියේට් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), ඔවුන්ගේ අලෙවි නියෝජිත හමුවක් පසුගිය දා කොළඹ දී පවත්වනු ලැබීය.

AMW සමාගමේ නව සමූහ කළමනාකරු අන්ද්‍රෙ බොන්තියුස් මහතා සහ Yamaha අලෙවි කටයුතු සිදුකරන රටවල් 140කට වැඩි ප්‍රමාණයක පරිපාලනය හොබවන ජපානයේ Yamaha Motor Corporation විධායක සාමාන්‍යාධිකාරි – කුමිකෝ ඉමායි මහත්මිය විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මෙම හමුවට සහභාගි විය.

සභාව අමතමින්කු කුමිකෝ ඉමායි මහත්මිය සඳහන් කළේ, මෙරට වෙළඳපොළ තුළ Yamaha සන්නාමයට ඇති වැදගත්කම හා ඉහළ පිළිගැනීම පිළිබඳ සලකා බලමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කරනු ලැබූ බවය.

දිවයින පුරා Yamaha අලෙවි නියෝජිතයන් 200කට අධික පිරිසක් සහභාගී වී සිටි සභාව අමතමින් බොන්තියුස් මහතා, AMW සමාගම නැවත වෙළඳපොළට පැමිණීමත් සමඟ සමාගමේ ක්‍රමික වර්ධනයක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෝටර්සයිකල් ආනයනය කිරීම නතර වී ඇති අතර, වසර හතරකට පසු රටේ සාර්ව ආර්ථික දර්ශක නැවතත් යහපත් තත්ත්වයකට පත්වෙමින් පවතින බැවින් මේ වසරේ දී ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට සහනයක් ලැබෙනු ඇති බව ඔවුන් අපේක්ෂා පළ කළේය.
“ශ්‍රී ලංකාවට මෝටර්සයිකල් ආනයනය සඳහා පනවා ඇති සීමාවන් මේ වසරේදී ඉවත් වනු ඇතැයි අපි විශ්වාස කරන අතර Yamaha මෝටර්සයිකල් සඳහා ඇති ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරමින් නැවතත් ජනතාව අතරට Yamaha සන්නාමය රැගෙන යාමට අපගේ නියෝජිතයන් සූදානම් විය යුතුයි”
“මෙවැනි තත්වයක් යටතේ, අලෙවි කටයුතු වර්ධනය කරගැනීමට නම් දැන් පටන්ම ව්‍යපාරික කටයුතු වැඩිදියුණු කිරීම සඳහා උනන්දු වීම ඉතාමත් වැදගත්. Yamaha සහ AMW සමස්ත දැක්ම අනුව ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු හැඩගස්වා ගැනීමටත් ඒ වෙනුවෙන් අලෙවි නියෝජිත ජාලයට අවශ්‍ය උපායමාර්ගික මඟපෙන්වීම සහ සහයෝගය ලබා දෙන්නටත් අපි නිරතුරුවම සූදානම්”
සියලුම අලෙවි නියෝජිතයන් හා සමීප සම්බන්ධතාවක් ඇති කරගත හැකි ආකාරයට Yamaha සහ AMW විසින් නව උපායමාර්ගික ක්‍රමවේදයන් ද හඳුන්වා දී ඇත.
“Yamaha යතුරුපැදි, අමතර කොටස් වල උපාය මාර්ගික මිල ගණන් තීරණය කිරීම සඳහා අපගේ අලෙවි නියෝජිතයන් සමඟ ඵලදායී ලෙස අදහස් හුවමාරු කරගනිමින්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ද ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව, Online ඇණවුම් කටයුතු, ඉන්වොයිස් යැවීම, ගෙවීම් කටයුතු විධිමත් කිරීම සහ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අපි අපගේ අලෙවි නියෝජිතයින්ට නිතිපතා පුහුණු සැසි හරහා සහාය වීමටත් කටයුතු කරනවා” යනුවෙන් ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේය.

වාහන ආනයන තහනම 2020 වසරේ සිට ක්‍රියාත්මක වන්නක් වන අතර රටේ මුදල් පිටතට ගලා යාම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් වාහන ආනයනය නතර කිරීමේ තීරණය ගෙන තිබුණි.

ආර්ථිකයට සක්‍රීයව දායක වන ශ්‍රී ලාංකික ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රතිශතයක් ප්‍රධාන වශයෙන් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යතුරු පැදි සඳහා යොමු වී ඇත්තේ සාධාරණ මිලකට යතුරුපැදි මිලදී ගැනීමට සහ නඩත්තු කළ හැකි බැවිනි.

t

o

p