ලෝකයේ විශාලතම මැතිවරණය අද (14)යි

February 14, 2024

ලෝකයේ විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණය අද (14) දින පැවැත්වෙන අතර දූපත් 17,000ක් පුරා සිටින මිලියන 200කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද පැවැත්වෙන මැතිවරණය මගින් ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් තෝරා ගැනීමට නියමිත අතර මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 50%කට අධික ප්‍රතිශතයක් වයස අවුරුදු 40ට වඩා අඩු පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p