ජපාන ආයෝජකයන්ට බිංගිරිය ආයෝජන කලාපය සූදානම්

February 14, 2024

ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ජපන් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් බිංගිරිය ආයෝජන කලාපයේ දෙවන සහ තුන්වන අදියර කඩිනමින් පහසු කර ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් පසුගියදා මෙම නියෝගය නිකුත් කරන ඇති බවයි වාර්තා වෙයි.

ඒ, ජනාධිපතිතුමා ජපානයේ සංචාරයක නිරත වූ පසු ජපානයේ ආයෝජකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි විගස ඔවුන්ගේ ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද රාජ්‍ය අමාත්‍ය අමුණුගම නිලධාරීන්ට දැනුම් දී තිබුණි.

t

o

p