කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය ඇරඹෙයි 

February 24, 2024

කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ආරම්භ වී තිබේ.

යාපනය පදවියේ රදගුරු, ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් උත්කර්ෂවත්ව පැවැත්වෙන කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටින බවයි වාර්තා වෙයි.

මෙම දේව මංගල්‍යය සඳහා වාර්ෂිකව ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් මෙන්ම ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වෙයි.

කෙසේවෙතත් මෙවර කච්චතිව් දේව මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් සහභාගී වී නොමැති බවයි වාර්තා වෙයි.

ඒ, මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදිකිරීම, පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලිබල පහසුකම් සැපයීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ

t

o

p