අඩු බර පාන් වික්ක බේකරි 453කට නඩු

February 24, 2024

පාන් සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරී­මෙන් පසු පෙබ­ර­වාරි 5 දින සිට පෙබ­ර­වාරි 20 දා දක්වා බේකරි සහ වෙළෙ­ඳ­සල් පරීක්ෂා කිරී­මේදී නිය­මිත බර ප්‍රමා­ණය නැති මෙන්ම මිල ප්‍රද­ර්ශ­නය නොකළ බේකරි 453කට එරෙ­හිව නෛතික ක්‍රියා­මාර්ග ගැනී­මට පිය­වර ගත් බව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය පව­සයි.

සියලු බේකරි සහ වෙළෙ­ඳ­ස­ල්වල විකි­ණී­මට ප්‍රද­ර්ශ­නය කර ඇති පාන්වල බර සහ මිල පැහැ­දි­ලිව ප්‍රද­ර්ශ­නය කර තැබිය යුතු අතර, පාරි­භෝ­ගි­ක­යකු බර මැනී­මට ඉල්ලූ විට ඒ සඳහා නිය­මිත කිරුම් මිනුම් ආය­ත­නයේ ප්‍රමිති සහ­තික ලත් තරා­දි­යක් බේකරි සහ වෙළෙ­ඳ­සල් තුළ තිබිය යුතු බවත්, පාරි­භෝ­ගි­ක­යන්ට යම් පැමි­ණි­ල්ලක් ඇතොත් ඒ සඳහා පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ ක්ෂණික ඇම­තුම් අංකය වන 1977 ඇම­තිය හැකි බවත් අධි­කා­රිය කියා සිටී.

t

o

p