නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

March 1, 2024

නුගේගොඩ අනුලා විද්‍යාලයේ  ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්  ‘පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය’ යන මැයින්  ප්‍රධාන දේශනය ඉදිරිපත් කරන ලදී.  ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ට පාර්ලිමේන්තු ක්‍රියාවලිය සහ සම්ප්‍රදායන් පිළිබද දැනුම ප්‍රායෝගික අත්දැකීම් සහිතව වඩාත් සරළව මෙහිදී ඉදරිපත් කෙරිණි. එසේම පාසැල් අවධියේ සිටම පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් පැවතීමේ වැදගත් බව පිළිබඳ මෙහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා අවධාරණය කරන ලදි.

එසේම අනුලා විද්‍යාලයේ ආධි විද්‍යාර්තියෙක් වන දැනට පාර්ලිමේන්තුවේ ප්‍රධාන හැන්සාඩ් සංස්කාරකවරිය ලෙස කටයතු කරන නයනි ලොකුකොඩිකාර මහත්මියද හැන්සාඩ් සංස්කරණය පිළිබඳව මෙහිදී දේශනයක් පවත්වන ලදි.

අනුලා විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වරට ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්කරමින් දරුවන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීමට හැකිවීම සතුටක් බව එම විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ගුරුතුමිය වන සුභාෂි ප්‍රියදර්ශනී මහත්මිය ද මෙහිදී අදහස් දක්වමින් පැවසුවාය.

එදින පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල රැස්වීමේදී කථානායක ලෙස තෝරා පත්කරගැනීමෙන් පසු අගමැති ප්‍රමුඛ ඇමතිවරුන්ගේ කෙටි අදහස් දැක්වීම්වලින් අනතුරුව රැස්වීම කල්තබන ලදී.

මෙහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ අතින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරයන්ට නිල ලාංඡන පැලදවීම සහ සහතික පත් ප්‍රදානය ද සිදු කරන ලද අතර එම විදුහල් පුස්තකාලයට ග්‍රන්ථ ප්‍රදානය කිරීමක්ද සිදුවිය.

t

o

p