ගුවන් හමුදා “Air Tattoo” ප්‍රදර්ශනය යාපනයේදී

March 6, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ගුවන් හමුදා “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය යාපනය,මුට්‍රවේලි ක්‍රීඩාංගණයේ දී අද (06) ආරම්භ වීමට නියමිතය. එම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය එළඹෙන 10දා තෙක් පැවැත්වෙන අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ සියලු රජයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් මෙන්ම ව්‍යාපාරික ආයතන, තාක්ෂණික ආයතන ඇතුළු අංශ නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සන්ධ්‍යාවේ දී වෙළෙඳ ප්‍රදර්ශනයක් ඇතුළුව සියලු දෙනාගේම විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත ප්‍රසංග ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට ගුවන් හමුදාව කටයුතු සංවිධාන කර තිබේ.

t

o

p