පොළොන්නරුව ඇතුළු නගරයෙන් ඉපැරණි මානව ජනාවාසයක සාධක

February 29, 2024

පොළොන්නරුව ඇතුළු නගරය පැවති ප්‍රදේශය ඊට පෙර ඉපැරණි මානව ජනාවාසයක්ව පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලය හා ඔස්ට්‍රේලියාවේ ලාසෝබ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කළ පර්යේෂණයට සමගාමීව භූ අභ්‍යාන්තරය දක්වා සිරස්ව සිදුකළ පස් සාම්පල ලබා ගැනීමකදී ය.

මෙය පොළොන්නරුව ඉතිහාසයේ ඉතා වැදගත් හෙළිදරව්වක් වනු ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

මේ අතර , පොළොන්නරුව ඇතුළු නගරයේ ස්කෑන් යන්ත්‍ර මගින් භූ අභ්‍යන්තර පරීක්ෂාවේදී සොයා ගත් ගොඩනැගිලි අවශේෂ කැනීම් කිරීමට තීරණය කර තිබේ.

ලබන ජූනි මාසයේදී එම කැනීම ආරම්භ කිරිමට නියමිත බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

t

o

p