ක්‍රිකට් මූලස්ථානයේ කිහිපදෙනෙකුට කොවිඩ්
කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය තාවකාලිකව වසා තැබීමට සිදුව තිබේ. ඒ අනුව මූලස්ථාන ගොඩනැගිල්ල විශබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කාර්යය මණ්ඩලයේ සෙසු සාමාජිකයින්ට දින කිහිපයක් නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ද උපදෙස් ලබා දී තිබේ.