2011 වසරේ පැවති ලෝක කුසලානය පාවාදීමක් සිදු ව ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දෙන්න

June 19, 2020

2011 වසරේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහා තරඟය තරග පාවාදීමක් සිදු වූ බවට තොරතුරු ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබා දිය යුතු බව එවකට හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා පවසයි.

එමගින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කලයුතු බව ද ඔහු සදහන් කරයි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය තරග පාවාදීමක් සිදු වී ඇති බවට තමන්ට තොරතුරු ඇති බව එවකට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර සිය ගිණුම ඔස්සේ මේ බව සඳහන් කර ඇත.

2011 වසරේදී ඉන්දියාවේදී පැවැති එම අවසන් මහා තරඟය ඉන්දියාව කඩුලු 6කින් ජය ගන්නා ලදී.

t

o

p