පවතින ව්‍යවසනකාරී තත්වය තුල මහ මැතිවරණය කල් දමන්න

March 18, 2020

කොරෝනා වෛරසය පැතිර යාම වර්ධනය වෙමින් පවතින අවස්ථාවක එළෙඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනයා එක් රැස් වීම වෛරසය පැතිර යාම වේගවත් වීමට සාධකයක් විය හැක.

රට තුල උද්ගතවී ඇති හදිසි තත්වය පහව යන තෙක් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීම සඳහා සලකා බලන මෙන් ඔබ තුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

පැන නැගී ඇති ගැටලුව මත ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර රටේ ජනතාව සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්  මේ අවස්ථාවේදී ඒ සඳහා සාමුහිකව මුහුණ දීම වෙනුවෙන් රජයක් ලෙස ගන්නා ක්‍රියා මාර්ග රට තුල ක්‍රියාවට නැංවීමේදී බොදු බල සේනා සංවිධානය කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට සුදානම් බව ද දන්වා සිටිමි.
එරන්ද කේ නවරත්න,
මාධ්‍ය ලේකම් – බොදු බල සේනා.

t

o

p