අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්

July 27, 2020

විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කළ වයස අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ඇතුළත් වී තිබේ.

මෙම ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් ව ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය.

සුප්‍රසිද්ධ විස්ඩන් සගරාවේ සංස්කාරක මණ්ඩලය විසින් වයස අවුරුදු 25 හෝ ඊට අඩු වයස් කාණ්ඩයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය දා නම් කරනු ලැබීය.

එම කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ව නම් කර තිබීම විශේෂත්වයක්.

t

o

p