ගත වූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් රෝගීන් දෙලක්ෂ දාහතරදහසක්

July 27, 2020

ගත වූ පැය 24 තුළ කොරෝනා වෛරස ආසාදිතයන් දෙලක්ෂ 14 000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මේ වනවිට ලොව පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ එක්කෝටි 64ලක්ෂ 4,010ක් ලෙසයි.

ඇමරිකාවෙන් ආසාදිතයන් 43ලක්ෂ 71,276ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 49,843ක්.

ඇමරිකාව තුළ වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා එරට වසා දමන ලෙස වෛද්‍ය විශේෂඥයින් විසින් දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

t

o

p