Different Discovery ක්‍රිකට් ඇකඩමිය විවෘත කෙරේ

September 22, 2020

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ආසන්නව පිහිටි Different Discovery ගෘහස්ථ ක්‍රිකට් ඇකඩමිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග සහ චමින්ද වාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා උත්සවාකාරයෙන් විවෘත විය.

සියලු නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත Different Discovery ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන අරමුණ ඉහළ කාර්ය සාධනයක් සහිත අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමය.

එහි ගෘහස්ථ ඇකඩමියේ ප්‍රධාන උපදේශක සහ පුහුණුකරු ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක, පන්දු යැවීමේ පුහුණුකරු අනූෂ සමරනායක මහතා කටයුතු කරයි.

එක් එක් වයස් කාණ්ඩ සඳහා හොඳම පුහුණු වැඩසටහන් නිර්මාණය කර ඇති මේ ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකරුවන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගත් මට්ටමේ පුහුණුව ලැබූවන්ය.

මෙරට හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෝ ආරාධිත පුහුණුකරුවන් ලෙස නිතිපතා ඇකඩමියට පැමිණෙති.

ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස්, පිටියේදී ගන්නා ක්ෂණික තීන්දු, තීරණාත්මක අවස්ථා කළමනාකරණය ආදී පිටියේදී ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු සියලු උපක්‍රම මෙහිදී ඉගැන්වේ.

t

o

p