Business

ලංකාව ගැන ලෝක බැංකුව සතුටින්

ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් සදහන් කර ඇත. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මාර්ටින් රේසර් අතර හමුවක් සිදුව ඇති අතර පුනර්ජනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම Read More

බැඳුම්කර හිමියන්ගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වෙයි. ඔවුන් සතු බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12 කි. එම යෝජනාව එවා ඇත්තේ පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවකදීය.

ගතවූ මාස තුන තුළ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පහළයෑමක්

මුල් මාස දෙක තුළදී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත භාවිත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙසින් වාර්තා වී තිබුණි. එහෙත් 2023 ජනවාරි මාසය අවසන් වන විට එය 1,942,272 ක් දක්වාත්, 2023 Read More

බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් වාර්තා පවසන්නේ රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් Read More

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජයෙන් තීන්දුවක්

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, “විදෙස් ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා ඔවුන් මෙරට එවන විදේශ විනිමය ප්‍රමාණය අනුව විදුලි මෝටර් රථ ගෙන්වීමේ පහසුකම සැපයීමට රජය තීරණය කළා. අලුත් කැබිනට් මණ්ඩලය අලුත් Read More

ශ්‍රි ලංකාවේ දෙවන විශාලතම සමාගම බවට පත් වූ ටෙලිකොම්

ඊයේ(27) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, දෙවැනි විශාලතම සමාගම බවට ශ්‍රී ලංකා ටෙලිකොම්, පත්විය. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 115 මට්ටමට පැමිණීමත් සමඟ එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 207 සීමාව ඉක්මවීමා යාම හේතුවෙන්. එය සමස්ත වෙළෙඳපොළෙන් 5%කට වඩා වැඩි අගයක් වන අතර මේ දක්වා මෙම Read More

ලියාපදිංචි නැති තැන්වලින් ණයගත් අයටත් සහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන මේ වන විට පීඩාවට පත්ව සිටින ගනුදෙනුකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ. මෙසේ ලියාපදිංචි නැති මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින පුද්ගලයින් දහසකින් පමණ සහන ඉල්ලා තමන් වෙත පැමිණිලි ලැබී ඇතැයි ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකා Read More

ඉන්දියාවේ ණය ගෙවීම අරඹයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක පළමු ණය වාරිකයෙන් අසල්වැසි ඉන්දීය ණය මුදලේ එක් වාරිකයක් ගෙවා ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 121 ක් වූ අදාළ වාරිකය ගෙවා දැමූ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලපිටිය සඳහන් කරයි.

මෙවර ලැබුණු IMF මූල්‍ය පහසුකමේ විශේෂත්වයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා ඇත. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය Read More

මහ බැංකුව ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 03කට එරෙහිව අපරාධමය ලෙස නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත. ඒ Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත. එම Read More

t

o

p