මෙවර ලැබුණු IMF මූල්‍ය පහසුකමේ විශේෂත්වයක්

March 22, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා ඇත.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ඒ අනුව මෙම අවස්ථාවේදී මෙරටට ලැබුණු මූල්‍ය පහසුකමේ අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහාද භාවිත කිරීමට හැකියාව ලැබී ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී තවදුරටත් සදහන් කරයි.

t

o

p