රිච්ටර් මාපක 6.5ක ප්‍රබල භූ කම්පනයක්

March 22, 2023

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත.

එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම භූ කම්පනයෙන් දෙදෙනෙකු මිය ගොස් 300කට අධික පිරිසකට තුවාල සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පවසති.

t

o

p