මහ බැංකුව ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

March 21, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 03කට එරෙහිව අපරාධමය ලෙස නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත.

ඒ Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත.

එම ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකට අනුව මෙම තීරණය ගත් බව මහ බැංකුව සදහන් කරයි.

ඉහත ආයතන 03 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83 (ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කර ඇති බවද මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

t

o

p