15 වැනි ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ඇරඹේ

March 21, 2023

මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර සඳහන් කරයි.

මේ වන විට සිතියම් සකස්කර අවසන් බවත්, ගොඩනැගිලි ලැයිස්තුගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

අවසන්වරට ජන හා නිවාස සංගණනයක් සිදු කරනු ලැබුවේ 2012 වසරේ දී වන අතර 2021 වසරේ යළි සංගණනයක් සිදු කිරීමට සැළසුම් කර තිබුණද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දමනලදි.

කෙසේ වෙතත් මෙවර සංගණනයේ දී වයස, සෞඛ්‍ය, රැකියාව, පදිංචිය ආදි තොරතුරු ලබාගැනීමට නියමිත බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර කියා සිටියේ.

t

o

p