දරුණු ලිස්ටීරියා මොළයට ඇතුළු වෙයි

March 21, 2023

ලිස්ටීරියා නැමැති බැක්ටීරියාවෙන් හටගන්නා රෝග ලක්ෂණ සහිත 15 හැවිරිදි පිරිමි දරුවෙකු මොනරාගල මහ රෝහලෙන් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව එහි දැඩි සත්කාර ඒකකයේ හුදකලා කොට ප්‍රතිකාර ලබා දෙන බව හදිස්සි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සදහන් කරයි.

එම පිරිමි දරුවා සුවය ලබමින් සිටින බවත් ලැබීමට නියමිත රසායනාගාර පර්යේෂණ වාර්තාව අනුව මෙම රෝග නිධානය නිශ්චිතව හඳුනාගත හැකි බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ සදහන් කරයි.

වෛද්‍ය පාලිත රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,

“රෝග ඉතිහාසය සහ රෝගහිස්ටීරියා ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගත වී ඇද්දැයි සැකයක් තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ වාර්තාව ලැබුණු පසු නිසැක නිගමනයකට එන්න පුළුවන්. එතෙක් රෝගියා දැඩි සත්කාර ඒකකයේ හුදෙකලා කොට ආරක්ෂා කර සිටියි.

පස් සහ දිරා යන ලී ආශ්‍රිතව ජීවත් වන ලිස්ටීරියා බැක්ටීරියා විෂබීජ ආහාර මාර්ගය හරහා මිනිස් ඇතුළු වී රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ මොලයට පවා ඇතුළුවීමට පුළුවන්. උණ, වමනය, සිහි මද ස්වභාවය, සිහි නැති වීම, වලිප්පුව මූලිකව ඇතිවිය හැකිය.

බැක්ටීරියාව මොළයට ඇතුළු වී ආසාදනය වීමෙන් මස්තිෂ්ක ප්‍රදාහය මස්තිෂ්ක තරල ප්‍රදාහය ඇතිවීමට හැකි අතර ගැබිනි මවකගේ වැදෑමහ ඔස්සේ ගොස් දරු ගැබට හානි වීමට පුළුවන්. පැස්ටරීකරණය කළ කිරි, සීත කළ කිරි, අලුතින් මුදවාගත් කිරි, චීස් බටර් ආදී කිරි නිෂ්පාදන, මස්, සොසේජස් ආදී ආහාරයන් වලින් රෝගය පැතිරෙන්න හැකියාව තිබෙනවා.

සෙල්සියස් අංශක හතරක තරම් අඩු උෂ්ණත්වයක නිරුපද්‍රිතව ජීවත් වීමට ඇති හැකියාව නිසා ශීතකළ ජලයේ පවා මෙම බැක්ටීරියාව තිබීමට හැකියි.”

t

o

p