ලියාපදිංචි නැති තැන්වලින් ණයගත් අයටත් සහන

March 26, 2023

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන මේ වන විට පීඩාවට පත්ව සිටින ගනුදෙනුකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ.

මෙසේ ලියාපදිංචි නැති මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින පුද්ගලයින් දහසකින් පමණ සහන ඉල්ලා තමන් වෙත පැමිණිලි ලැබී ඇතැයි ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2012 වසර වන විට බැංකු නොවන මූල්‍ය ආයතන පනස්පහක් මෙරට ක්‍රියාත්මක වූ බවයි. 2023 වසර වන විට එය තිස්පහක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

මෙම මූල්‍ය ආයතන නියාමනය කිරීමේ වගකීමද ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. වැරැදි ආකාරයට තැන්පතු ලබාගෙන මුදල් අවභාවිතා කළ බැංකු නොවන මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව නඩු පවරා ඇත.

‘‘මහ බැංකුවේ ලියාපදිංචි නොවූ විවිධ මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන අමාරුවේ වැටුනු පුද්ගලයින්ට විශේෂයෙන් සහන ලබා දෙනවා. එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි දහසක් පමණ ලැබෙනවා. ණය සහන ලබාදීමේ දී මූල්‍ය සීමාවක් නැහැ. රුපියල් කෝටියකට අධික ණයක් ලබාගෙන අමාරුවේ වැටුණු අයකුට පවා අවශ්‍ය සහන ලබා දෙනවා.’’ යැයි ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ ලේකම් සුබාෂිණී දයානන්ද සඳහන් කළාය.

t

o

p