බස් ගාස්තු ඉදිරියේදී අඩුවිය හැකි බවත් මිල සූත්‍රයකට අනුව බස් ගාස්තු සංශෝධනය වන බවද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,
“දැන් ප්‍රවාහන ගාස්තු අඩුවෙන්න පුළුවන්. මොකද විනිමය අනුපාතය ස්ථාවර වුණොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වුණොත් අපේ ඉන්ධන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම අනෙකුත් අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්න පුළුවන්. මිල සූත්‍රයකට අනුවයි බස් ගාස්තුව අඩුවෙන්නේ.
කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකරන්න පුළුවන් වෙන ආකාරයේ මිල අඩුවීමක් වෙයි කියලා. ඒ මිල සූත්‍රයකට අනුව ඇත්තවශයෙන්ම මිල අඩුවෙනකොට අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවෙනකොට ඒ වැඩි වෙන අවස්ථාවේදී වැඩිවීමක් සිදු වෙනවා.”