බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ප්‍රහාරයක්

ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අසල දී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ ලන්ඩන් පාර්ලිමේන්තු සැසිවාරය නවතා දැමු අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසා දැමීමට පෙලීසිය කටයුත කර තිබේ.

මුදල් ඇමති රවී රේගුවේ හදීසි නිරීක්ෂණ චාරිකාවක

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා ­රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව  මෙසේ අමාත්‍යවරයා මුලින් ම ගමන් ගත්තේ රේගුවේ ඔරුගොඩවත්ත බහාලුම් අංගන දෙක වෙත ය. අනතුරුව රේගු මූලස්ථානය ද ඔහු නිරීක්ෂණය කළේ ය. රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමීව සිදු වන බවට භාණ්ඩ Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඒකාබද්ධ විපක්ෂය නොමැතිව පලමු වරට රැස් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙන්ගේ සහභාගිත්වෙයන් තොරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක දී අද (22) රැස් වී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් නොමැතිව රැස්වූයේ පළමු වරට බව එහි සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය. Read More

නොරෙච්චෝලේට ගත් ණය මුදලින් වසර 2ක වාරික ගෙව්වා : තව වසර 13ක් ගෙවන්න තියෙනවා

නොරොච්චෝලේ ගල් අගුරු තාප බලාගාරයේ ඉදිකිරිම් වෙනුවෙන් ලබා ගත් ණය වෙනුවෙන් 2015 වර්ෂයේදි ඇමරිකානු ඩොලර් මිලියන 112 ක්ද 2016 වර්ෂයේදි ඩොලර් මිලියන 118 ක මුදලක්ද ගෙවා ඇතැයි විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය. චින එක්සිම් බැංකුවට තව වසර 13 ක කාලයක් මේ ණය ගෙවිමට තිබෙන බවද Read More

අල්ලස් කෙමිසමේ දිල්රුක්ෂි ගෙදර ගියේ දේශපාලන හේතුවක් නිසා

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එම ධූරයෙන් යෑමට හේතු වූයේ ඇගේ රාජකාරියේ දුර්වලතාවයක් නොව දේශපාලන කාරණයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉවත් කරන අවස්ථාව වන විට ඇය විසින් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට හා රාජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව Read More

වැඩිම පෙත්සම් ගැහීමේ කප් එක බුද්ධිකට

පාර්ලිමේන්තු ඉතිහාසයේ මහජන පෙත්සම් කාරක සභාවට වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් එකම දිනකදී ඉදිරිපත් කළ මන්ත්‍රීනවරයා බවට එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධිත පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි අද (22) පත්විය. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අද මහජන පෙත්සම් 33 ක් ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තමන් මෙයත් සමඟ ගිනස් වාර්තා පොතට එක් වේවිද යන්නයි. එහිදි කතානායක කරු Read More

මැතිඇමතිවරුන්ගේ පඩි වැඩි කරන්න එපා

රජය කළ යුත්තේ මැතිඇමතිවරුන්ගේ වැටුප් හා දිමනා වැඩි කිරිම නොව අල්ලසට දුෂණයට එරෙහිව කටයුතු කරන නිලධාරින්ගේ වැටුප් හා දිමනා වැඩි කිරිම බව සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්විමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණිමේ දිමනාව වැඩි කිරිම, රුපියල් ලක්ෂයක කාර්යාල දිමනාවක් දීම, සුඛෝපභෝගි වාහන මිලදි ගැනිම රජය Read More

ප්‍රමඛතා මංතීරු නියමු ව්‍යාපෘතිය සාර්ථකයි ඉදිරි වසර තුළ ක්‍රියාත්මක කරනවා

පසුගිය මාර්තු 12 වන දා සිට 19 වන දා දක්වා රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්ය බහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂ අධ්‍යනයක් සිදු කරන ලදි. එහි දෙවන දිනයේ ප‍්‍රතිඵලය දැඩි විවේචනයට ලක් වූ අතර ඇතැම් මාධ්‍ය මෙය අසාර්ථක යැයි ද හුවා දැක්විණ. කෙසේ වෙතත් 14 වන දා සිට 19 වන දා දක්වා මෙම Read More

විමල් සිරමැදිරියේ සිට උපවාසයක් අරඹයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (22) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර තිබේ. ඇප ලබා දිමකින් තොරව දින 73ක් තමන්ව බන්ධනාගාරගත කර තැබිමට විරෝධය දැක්විමක් වශයෙන් ඒ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව Read More

හොඳම මුදල් ඇමති වූ රවීට සම්මාන ප්‍රදානය 24දා බ්‍රිතාන්‍යයේදී

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර් ‘ සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්‍රදානය කිරීම Read More

t

o

p