අය වැය සම්මත වී ජනාධිපති වැය ශිර්ෂය පරාජය වුවත් අඩු වන්නේ රුපියල් 10 යි

අය වැය කාරක සභා විවාදයේදි ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළහොත් සිදුවන්නේ ඒ සඳහා වෙන් කර තිබෙන සමස්ත මුදලින් රුපියල් 10 ක් අඩුවීම පමණකැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යාල වියදම්වලට අදාළ වැය ශිර්ෂය පරාජය කළ යුතු බවට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබුනි. කොළඹඅරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ Read More

අගමැති සරම අදින තැන් හා නොඅදින තැන් ගැන කියයි

සරම ඇදීමයි, පන්සල් යාමයි, දරුව්නට ආදරය කිරිමයි පෙන්විම ගැන තමා සමාජ මාධයයට ස්තුති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදි ප්‍රකාශ කළේය. ඒ බ්‍රහස්පතින්දා (07) මැතිඇමතිවරු හමුවී කළ සුහද සාකච්ඡාවකදීය. මැතිඇමතිවරුන්ගේ අදහස්වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ කීය. “ අගමැතිතුමා තිරුපති ගිහිල්ලා තරාදියක වාඩි වෙලා ඉන්න හොද ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දැක්කා. බර බැලන්ස් කරන්න Read More

ගාල්ල වෙරළේ අනවසර ඉදිකිරිම් ඉවතට

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව විසින් ගාල්ල දෙවට ප්‍රෙද්ශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහභාගි වූ අයුරු.   ‘වින්ඩ් සර්ෆින්‘ සදහා ප්‍රසිද්ධ ගාල්ල දෙවට ස්ථානයේ පිරිසිදු වෙරළ තීරයක ආරක්ෂිතව සංචාරකයින් සදහා විනෝදවීමේ අවස්ථාව ලබාදීමත් මෙම වැඩපිළිවෙළේ අරමුණයි.  නීති විරෝධී 27 ඉදිකිරීම් ඉවත්කර, වෙරළ පිරිසිදු කිරීම මේ යටතේ සිදුවේ.

අන්තර්ජාල භාණ්ඩ ගෙන්වීමේදි ජාතිය ගොඩනැගිමේ බද්දට පරිවර්තන සමූහයේ විරෝධය

අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා භාණ්ඩ ගෙන්වීමේදී එයට ජාතිය ගොඩනැගීමේ බද්ද නමින් නව බද්දක් අයකිරීමට මුදල් ඇමති මංගල සමරවිර කටයුතු කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප තරයේ හෙලා දකින බව එම සංගමය නිවේදනය කරයි. එහි සභාපති රජිව් යසිරි කුරුවිටගේ මැතිව්  මහතා නිකුත්මෙ කළ නිවේදනයේ මෙසේ ද සදහන්වේ. කිසිදු සොයාබැලීමකින් තොරව සියලුම භාණ්ඩ හා සේවා වලට Read More

බන්දුලගේ ප්‍රකාශය වැරදියි ප්‍රාථමික ගිණුමේ බිලියන 91 ක තිබෙනවා – ඇමති හර්ෂ

2018 වසරේදී රුපියල් බිලියන 91 ක අතිරික්තයක් ප්‍රාථමික ගිණුමේ පැවති බව පොදු පහසුකම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්වතුවේදි අද (06) පැවසීය. ප්‍රාථමික ගිණුමේ සෘණ ශේෂයක් පවතින බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. අය වැය විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පොදු පහසුකම් හා ආර්ථික Read More

ලංකාවේ ප්‍රාථමික අරමුදල සෘණ අගයක් වාර්තා කරනවා – බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුවේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්ු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06දා) සඳහන් කළේය. මේවනවිට ප්‍රාථිමක අරමුල සෘණ අගයක් ඇති බවත් එය ඔනැම අවස්ථාවන ඔප්පුකර පෙන්වීමට තමන් සුදානම් බවත් හෙතෙම පැවසුයේ පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භකරමිනි. මන්ත්‍රිවරයාගේ කතාවට ඇමති හර්ෂද සිල්වා මහතා පිළිතුරු දිමත් සමග විවාදයේදී Read More

සමාදාන විනිසුරුවරුන්ගේ ධූර අවලංගු කිරිමේ බලය ගැනිමේ පනතක් පාර්ලිමේන්තුවට

සාමදාන විනිශ්චයකාරවරයකුගේ ධුරය අත් හිටුවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයාට නිගෝග සෑදිය හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් අද (06) දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එමෙන්ම කළාප , දිස්ත‍්‍රික්ක හෝ කොට්ඨාශ සඳහා මෙතෙක් සාමාදාන විනිශ්චයකාරවරයන් පත්කළ ක‍්‍රමය වෙනස් කරමින් පරිපාලන දිස්ත‍්‍රික්කයක් සඳහා සාමානදාන විනිශ්චයකාරවරයන් පත්කරීමට හැකිවන ලෙස ද අධිකරණ සංවිධාන පනත Read More

මේක විපක්ෂය නැතිවෙන අයවැයක් – ඇමති රවි

අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ පක්ෂය අනිත් අයවගේ කරන්න බැරි දේවල් කියලා, විපක්ෂයට බැන බැන ඉන්නේ නැහැ. අපේ අඩුපාඩු තියෙනවානම්, ඒ ගැන පක්ෂය ඇතුලෙ කතා කරලා අපි විසදගන්නවා. අපිට අවශ්‍ය ජනතාවට අදට වඩා හොද හෙට දවසක් උදා කරන්නයි. මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් කියලා මම Read More

රත්මලානේ රොහාගේ ගෝලයින් දෙකක් කොකේන් සමග අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු කොකෙන් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නිරෝෂණ ශ්‍රිමාල් හා මනොජ් හෙවත් රත්මලානේ රතූ යන දෙදෙනාය.නිරෝෂන  සන්තකයේ කොකෙන් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 500 ක්ද රතූ සන්තකයේ ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500 ක්ද තිබි ඇත. උඩහමුල්ල ප්‍රදේශයේදි මොවුන්ව අත්අඩංගුවට ‍ ගෙන Read More

අතුරුදන් වූ දියමන්තිය සොයා ගනි මධුෂ්ගේ ගෝලයා රදවාගෙන ප්‍රශ්න කරයි

ශානි පොල්ගම්පොල මහරගම,ඇරැව්වලදි රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තිය හා කෝටි 200 වටිනා මැණික් කොල්ලකෑ‍මේ සිද්ධියේ මාකඳුරේ මධුස්ගේ මෙරට ප්‍රධානතම ගෝලයා වන කැවුමා කොල්ලකන ලද දියමන්තිය ඇතුලු අවි ආයුධ ,මුදල් රැසක් සමගින් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පිටිගල, ගොඩාමුන ,පන්සල පාර පදිංචි දොඩන්දුව වඩු‍ගේ කැලුම් ඉන්දික නොහොත් Read More

t

o

p