මෙවර ජනාධිපතිවරණයට අදාලව පවතින සාමකාමී ස්වභාවය ඉදිරියටත් පවත්වාගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මේ දක්වා කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි.
තම වටිනා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ උනන්දුවක් දක්නට ලැබෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබේ.