අතුරුදන් වූ දියමන්තිය සොයා ගනි මධුෂ්ගේ ගෝලයා රදවාගෙන ප්‍රශ්න කරයි

March 6, 2019

ශානි පොල්ගම්පොල

මහරගම,ඇරැව්වලදි රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තිය හා කෝටි 200 වටිනා මැණික් කොල්ලකෑ‍මේ සිද්ධියේ මාකඳුරේ මධුස්ගේ මෙරට ප්‍රධානතම ගෝලයා වන කැවුමා කොල්ලකන ලද දියමන්තිය ඇතුලු අවි ආයුධ ,මුදල් රැසක් සමගින් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පිටිගල, ගොඩාමුන ,පන්සල පාර පදිංචි දොඩන්දුව වඩු‍ගේ කැලුම් ඉන්දික නොහොත් කැවුමාය.

පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මොහු ගැන තොරතුරු අනාවරණය වි ඇත්තේ ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු හේමාල් රංජන හා කසුන් සඳරුවන්ගේ තොරතුරු අනුවය. දියමන්තිය කොල්ලකන ලද 2018-11-05 වෙනි දින සවස ලොකු අයියා විසින් කැවුමාට පිලියන්දල ඇවිදින මංතිරුව අසලදි දියමන්තිය හා පිස්තෝල 02 ක්, ටි-56 ගිනි අවියක් භාර දි තිබේ.

එම දියමන්තිය මොහු කුලියට ගත් නිවසක් වු පානදුර,කෙසෙල්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ අල්මාරියක තිබි පොලිසියට හමුව ඇත.එමෙන්ම ජංගම දුරකථන 126 ක්, පවුම් 40 ක රන් ආභරණ සොයා ගෙන ඇත.

එමෙන්ම මොහු විසින් මොරටුව ප්‍රදේශයේ කුලියට ගත් තවත් නිවසක තිබි විවිධ වර්ගයේ සජිව පතරොම් 746 ක්, අත්මාංචු 03 ක්, ජිව අත්බෝම්බයක්,යුද හමුදා හා පොලිස් නිළ ඇදුම් වලට සමාන ඇඳුම්  සොයා ගෙන ඇත.

තවද මොහුගේ පිටිගල නිවසේ පිටුපස වලදමා තිබියදි රුපියල් ලක්ෂ 150 ක මුදලක් සොයා ගෙන ඇත.මොහු මදුෂ් පුද්ගලික බස් රියදුරු ලෙස මාතර සේවය කරන කාලයේ එහි කොන්දොස්තරවරයා බව පැවසේ.

මධුස්ගේ පියාගේ අවමගුලේ දි ගුවනින් මල් ඉස ඇත්තේද මොහුය.එමෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සියලුම අවමගුලේ දර්ශන මදුෂ්ට පෙන්වා ඇත්තේද මොහු බව පැවසේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි මොහු වෙඩි නොවදිමට යැයි සකසා ගත් රුපියල් ලක්ෂ 35 ක සුරයක් පැලද සිටි බවද පොලිසිය පවසයි.

දියමන්තියේ හිමිකරු එය තමාගෙන් සොරාගන්නා ලද දියමන්තිය බව තහවුරු කර තිබේ.මොහුගෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Diymond 8

Diymond 3 Diymond 5 Diymond 6 Diymond 7

Diymond 2

Diymond 4

t

o

p